ශ‍්‍රී ලංකාවට ලකුණු 72 ක ඉලක්කයක්


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල  ඕවර 14 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 74 ක් රැස්කළේය. ශ්‍රී ලංකාව ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 14 කදී ලකුණු 72 ක ඉලක්කයක් සම්පූර්ණ කළ යුතුය. නවසීලන්ත ඉනිමේ 9 වැනි  ඕවරයේදී වර්ෂාව ඇද හැළීම නිසා පැයකට අධික කාලයක් තරගය අත්හිටුවීමෙන් ඉනිමක්  ඕවර 14 කට සීමාවිය. නවසීලන්ත පිල  ඕවර 14 කදී කඩුලූ 7 ට 74 (ඇන්ඩෘ එලයිස් 16, ටිම් සවුති නොදැවී 21, නුවන් කුලසේකර 12/2, තිසර පෙරේරා 22/2, අකිල ධනංජය 9/2)