ශ‍්‍රී ලංකාව තරගයක් ඉතිරිව තිබියදී අවසන් පූර්ව තරගයට ආසන්න වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ හයවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (29) රාත‍්‍රි පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා පිල කඩුලූ 9 කින් ප‍්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් තරගයක් ඉතිරිව තිබිදී අවසන් පූර්ව තරගය පෙනෙන මානයට පැමිණීමට සමත් විය.
ශ‍්‍රී ලංකාව මේ වන විට තරග දෙකම ජය ලබා ප‍්‍රසාද ලකුණු 4 ක් සමගින් පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය තරගය බැගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටියි.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 129 (ජොන්සන් චාල්ස් 12, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ‍්‍රා්වෝ 40, ඇන්ඩි‍්‍ර රසල් නොදැවී 19, අජන්ත මෙන්ඩිස් 12/2)
ශ‍්‍රී ලංකාව ඕවර 15.2 කදී කඩුලූ 1 ට 130 (තිලකරත්න ඩිල්ෂාන් 12, මහේල ජයවර්ධන නොදැවී 65, කුමාර් සංගක්කාර නොදැවී 39)

