ශ‍්‍රී ලංකා ලකුණු රැස්කිරීම තෝරාගනී
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
‘සුපිරි අට’ වටයේ එංගලන්තයට එරෙහිව පැවැති අවසන් තරගයට ක‍්‍රීඩා කළ අකිල ධනංජය වෙනුවට මෙම තරගයට වමතින් පා දග පන්දු යවන රංගන හේරත් කැදවා තිබේ.

