ශ‍්‍රී ලංකා රග්බි පිල දකුණු කොරියාවට පරදී
ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 12-17 ක් ලෙස පරාජයට පත්විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සහ දිනූෂ චතුරංග ශ‍්‍රී ලංකා පිලට උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ.

