ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ නවසීලන්තය පරාජය කරති
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (27) පස්වරුවේ පැවැති පළමු තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘සුපිරි ඕවරයේදී’ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කිරීමට සමත් වූහ.
ලකුණු 175 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට අවසන් පන්දුවේදී ලකුණක් පමණක් ලබාගැනීමට තිබුණ ද එහිදී ළහිරු තිරිමාන්න දුවද්දී දැවී යෑමෙන් තරග සමවිය.
ලෝක කුසලාන තරගාවලියේ තරග නීති රීතිවලට අනුව තරගයක් සම වූ විට කණ්ඩායම් දෙකටම ඕවරය බැගින් (සුපිරි ඕවරය) හිමිවේ.
ශ‍්‍රී ලංකා පිල ටිම් සවුති යැවූ සුපිරි ඕවරයේදී ලකුණු 13 ක් රැුස්කළ අතර ලසිත් මාලිංග යැවූ සුපිරි ඕවරයට නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි.
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 7 ට 174 (මාටින් ගප්ටිල් 38, රොබ් නිකොල් 58, බ්‍රෙන්ඩන් මැකලම් 25, රෝස් ටේලර් 23, නුවන් කුලසේකර 33/2, අකිල ධනංජය 32/2)
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 6 ට 174 (මහේල ජයවර්ධන 44, තිලකරත්න ඩිල්ෂාන් 76, කුමාර් සංගක්කාර 21, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 12, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 34/2)

