ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල කොදෙව් පිල පරාජය කරයි
කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (28) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 5 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට) බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කිරීමට සමත් වූහ.
වර්ෂාව හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 8 කදී ලකුණු 48 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
ශ‍්‍රී ලංකාව ඕවර 10.3 කදී කඩුලූ 3 ට 50 (ඉනෝකා ගලගෙදර 15, ශෂිකලා සිරිවර්ධන නොදැවී 18)
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 8 කදී කඩුලූ 8 ට 42 (ස්ටැසි ඈන් කිං 12, චමනි සෙනෙවිරත්න 4/2, ඉනෝකා රණවීර 9/2)

