ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම 2014 විස්සයි20 ලෝක කුසලානයෙන් ඉවතට


කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේ තරගයක් ලෙස කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (03) පැවැති තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 9 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලට 2014 වසරේ බංග්ලාදේශයේදී පැවැත්වෙන ලෝක කුසලාන වරම් අහිමිවිය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කාන්තා පිල 2014 වසරේ පැවැත්වීමට නියමිත මීළග කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නම් ලබන වසරේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ජය ලැබිය යුතුය. මෙම ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානය පසුවිය. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 100 (ඉනෝකා ගලගෙදර 15, චමරි අතපත්තු 28, ශෂිකලා සිරිවර්ධන 23, යශෝධා මෙන්ඩිස් 10, ඩිලාන් මනෝදර 10, එක්ටා බිෂ්ට් 16/3) ඉන්දියාව  ඕවර 14.4 කදී කඩුලූ 1 ට 102 (පුනාම් රවුට් නොදැවී 45, මිතාලි රාජ් නොදැවි 28)