ශ‍්‍රී ලංකා අවසන් පූර්ව ප‍්‍රතිවාදියා පාකිස්තානය
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාර ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රතිවාදී කණ්ඩායම බවට පාකිස්තානය පත්විය. ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග කරයි.
පළමු අවසන් පූර්ව තරගය 4 වැනිදා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය 5 වැනිදා ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග දෙක රාත‍්‍රි 7.00 ට ආරම්භ වීමට නියමිතය.

