ශ‍්‍රී ලංකා -දකුණු අප‍්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා


සූරියවැව ප‍්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇද හැළීම නිසා, විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (22* පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත තරගය ආරම්භ කිරීම ප‍්‍රමාද වන තත්ත්වයක් මතුවී තිබේ. ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර තරගය ආරම්භ කරන වේලාව මේ දක්වා තීරණය කර නැත.