ශ‍්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය විසදුමකින් තොරව අවසන්
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (30) රාත‍්‍රි පැවැති විස්සයි20 තරගයට අවස්ථා කීපයකදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා විසදුමකින් තොරව අවසන් විය.
පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 14 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 74 ක් රැස්කළ අතර ශ‍්‍රී ලංකා පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 72 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
ශ‍්‍රී ලංකා ඉනිමේ දෙවැනි ඕවරය අවසන් වීමත් සමග නැවතත් වර්ෂාව ඇද හැළීමෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
නවසීලන්තය ඕවර 14 කදී කඩුලූ 7 ට 74 (ඇන්ඩෘ එලයිස් 16, ටිම් සවුති නොදැවී 21, නුවන් කුලසේකර 12/2, තිසර පෙරේරා 22/2, අකිල ධනංජය 9/2)
ශ‍්‍රී ලංකාව ඕවර 2 කදී කිසිවකු නොදැවී 6

