ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රතිරූපය මීට වඩා උසස් මට්ටමක තිබිය යුතුයි


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වත්මන් දස්කම් සතුටුවිය හැකි මට්ටමක පැවැතියත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රතිරූපය මෙන්ම කීර්ති නාමය දැනට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමක තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට ක‍්‍රිකට් නිලධාරීන් වගබලා ගත යුතු බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙෂ කටයුතු කළ හරූන් ලෝගාට් මහතා පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ දියුණුව උදෙසා ලෝගාට් මහතා විසින් සකසන ලද ප‍්‍රධාන කරුණු 24 ක් ඇතුළත් වාර්තාව අද (20) ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුලස්ථානයේදී ප‍්‍රකාශයට පත් කෙරිණ. දකුණු අප‍්‍රිකානු ජාතික ලෝගාට් මහතා වසර හතරකට ආසන්න කාලයක් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී.) ප‍්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළේය.