ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ


(රංජන් කස්තුරි)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු ඉකුත් දිනවල නිමකර තිබූ අතර ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවද එම ආරංචි මාර්ග කියයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මෙවර අපේක්ෂකයින් 339369 දෙනෙකු පෙනී සිටියහ.