ශිෂ්‍යත්ව ප්‍රතිඵල යළි සමීක්ෂණයට අයදුම්පත් බාරගනී


රංජන් කස්තුරි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරිම සඳහා මේ මස 21  වැනිදා දක්වා අයදුම්පත් බාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසලේ විදුහල්පතිවරයා මගින් අභියාචනා ඉදිරිපත් කරන ලෙසද විභාග දෙපාර්තමේන්තුව කියයි.

ඒ පිළිබඳ වැඩි විස්තර විභාග දෙපාර්තමේන්තුවේ 011-2784208, 0112- 2784537, 011- 3188350 යන අංක ඔස්සේ ලබාගත හැකිය.