(රොමේෂ් ධනුෂ්ක සිල්වා, ඉන්දිකා රාමනායක)
හිටපු ජනපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.
රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීමට ඇය මෙසේ පැමිණියාය.
ඇය සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ද පැමිණ සිටියහ.
ඔවුනට සහය පළ කරමින් විශාල පිරිසක් මඟ දෙපස රැස්ව සිටිති.

