(ඉන්දිකා රාමනායක)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියත් යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ පුතුන් දෙදෙනාත් අද (15) සහ බදාදා (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය කීය.
රතු කුරුස සංවිධානයෙන් සිරිලිය පදනමට ලබාදී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීමට ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් පැවසේ.
රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සැකකරුවන් මෙම ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට (16) යෝෂිත රාජපක්ෂ මහතා හෙට (16) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ යෝෂිත රාජපක්ෂ මහතා මීට පෙර අවස්ථා දෙකකදීම ප‍්‍රකාශ ලබා ගැනීමට කැඳවා තිබුණ ද අසනීප තත්ත්වය හේතුවෙන් ඔවුන් වෙනත් දින ඉල්ලා තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා හෙට (16) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇති අතර රුපියල් මිලියන 320ට අධික වියදමකින් චීනයේදී කක්ෂගත කළ සුපීම් සැට් 1 නමැති චන්ද්‍රිකාව සම්බනධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

