ශාන්ත බෙනඩික්ට් විදුහලට පළමු ඉනිමේ ජයක්


ශාන්ත බෙනඩික්ට් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹ රාජකීය විද්‍යාල පිටියේදී ජය පරාජයෙන් තොරව නිමා විය. සමීර සඳමාල් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් ඇතුළුව අගනා ලකුණු 76ක් රැස්කරමින් පළමු ඉනිමේ විශිෂ්ඨ ජයක් ශාන්ත බෙනඩික්ට් විදුහලට හිමිවිය. සෙනසුරාදා පස්වරුවේදී පැවැති අයහපත් ආලෝක තත්වය හේතුවෙන් පස්වරු 4.30ට තරගය නතර කෙරිණ. කොළඹ රාජකීය විදුහලේ හෂේන් රාමනායක ලකුණු 44ට කඩුලූ 5ක් ලබාගත්තේය. රාජකීය විදුහල පළමු ඉනිම -  ඕවර 53.5කදී කඩුලූ 8 ට ලකුණු 144යි. (රෝනක අහන්ගමගේ 25, හේෂාන් කුමාරසිරි 20, මිලාන් අබේසේකර නොදැවී 65, යොහාන් සොයිසා 27/3, චන්දන ජයශංක 43/2) ශාන්ත බෙනඩික්ට් විදුහල පළමු ඉනිම -  ඕවර 49.4කදී සියලූ දෙනා දැවී 164යි. (සමීර සඳමාල් 76, ජනිඳු කරුණාතිලක 20, ගීතික ජයතිලක නොදැවී 33, හෂේන් රාමනායක 44/5, ගේශත් පණ්ඩිතරත්න 09/2) රාජකීය විදුහල දෙවැනි ඉනිම -  ඕවර 40කදී කඩුලූ 3ට ලකුණු 115යි. (රෝනක අහන්ගමගේ 18, සම්පත් ද සිල්වා 35, මිලාන් අබේසේකර නොදැවී 39, චන්දන ජයශංක 35/2)