ශාන්ත පීතර විදුහල තෙවැනි අවසන් පූර්ව තරගයටත් එයි


බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශාන්ත පීතර විදුහල මෙවර වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I සහ II වැනි කොටස්වල ද ශූරතා දිනාගැනීමට මේ වන විට සමත්ව සිටියි. ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව තරගයේදී මෝදර ඩිලාසාල් විදුහලට එරෙහිව ලකුණු 1 ක තියුණු ජයක් ලැබීය. ශාන්ත පීතර විදුහල  ඕවර 43.3 කදී 147 (සචින් කාවිංග 25, තරුෂ පෙරේරා 20, ෂෙවොන් පෙරේරා 24, ජනත් ජයසූරිය 23, චතුර විජේසේකර 23/2) මෝදර ඩිලාසාල් විදුහල  ඕවර 44.1 කදී 146 (ධම්මික ප‍්‍රනාන්දු 53, මාධව ප‍්‍රනාන්දු 51, උෂාන් රත්නායක 21/5, සචින් ද සිල්වා 32/3, ගිවන්ත ප‍්‍රනාන්දු 21/2)