ශාන්ත එව්ජින් පැසිපන්දු ශූරතා දෙකක් රාජකීයන්ට


‘ශාන්ත එව්ජින් කුසලාන 2012’ අන්තර් ක‍්‍රීඩා සමාජයීය පැසිපන්දු තරගමාලාවේදී කොළඹ රාජකීය පැසිපන්දු ක‍්‍රීඩා සමාජය විසින් පිරිමි කුසලාන තරගාවලියේ සහ පාසල් තරගාවලියේ ශූරතා දෙකම දිනා ගන්නා ලදී. ශාන්ත එව්ජින් සංගමය සිවුවැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ අවසන් තරග බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථාන පැසිපන්දු කී‍්‍රඩා සංකීර්ණයේදී වර්ෂාව මධ්‍යයේ පැවැත්විණ. කුසලාන අවසන් මහා තරගයෙන්  ඕල් ග‍්‍රීන්ස් පිල පරදවා රාජකීය ක‍්‍රීඩකයෝ ලකුණු 21/7 ක ජයක් ලැබුහ. පිරිමි තරගාවලියට කණ්ඩායම් 20 ක් සහභාගිවිය. කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් පැවැති කාන්තා තරගාවලියේ ශූරතාව මෙන්ම අනුශූරතාව ද ට‍්‍රැක් මාස්ටර් කී‍්‍රඩා සමාජය දිනා ගත්තේය. ට‍්‍රැක් මාස්ටර් ක‍්‍රීඩා සමාජය පසුගිය වසරේද කාන්තා ශූරතාව දිනාගත් පැසිපන්දු කණ්ඩායමයි. පාසල් වයස 16 න් පහළ (බාලක) තරගාවලියේ අවසන් තරගයෙන් දලාෂල් විදුහල පරාජය කිරීමට කොළඹ රාජකීය විදුහල සමත්විය.  කුසලාන සහ පාසල් ශූරතා දිනාගත් රාජකීය පැසිපන්දු ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ..... කාන්තා ශූරතාව දිනාගත් ට‍්‍රැක් මාස්ටර් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩිකාවෝ....