
(රෝෂන් තුෂාර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් සිල්වා ද මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම , හා එම පුටු අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර. අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

