( අජන්ත කුමාර අගලකඩ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට දහවල් 12 ට පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ආසන සංවිධායකවරුන් මෙසේ කැඳවා ඇතැයි වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර ඇතිකර ගැනීමට යෝජිත දේශපාලන සන්ධානය , ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය ආදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇතැයිද වාර්තා වෙයි.

