ශ්‍රීලනිපය අද ගෝඨාභය හමුවෙයි


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් අද (3) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

තම පක්ෂය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එකගතාවයක් අද ඇති වුවහොත් හෙට සිටම රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරට එක්වන බවත් අමරවීර මහතා කීවේය.

තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවද ඔහු සඳහන් කළේය.