සම්මුතිවාදී යහපාලන ආණ්ඩුවේ ඇමැති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවක් තමා නොදන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් එසේ කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අවසන්වන්නේ ලබන දෙසැම්බර් 31 වැනිදා බවද කීවේය.

