ශ්‍රීලනිප තීරණයට එක්සත් ජාතික පෙරමුණේ විරෝධය



සියලු පළාත් සභාවන්හි මැතිවරණ එකම දිනයක පැවැත්වීමට අදාලව ගෙන ඒමට යන විසිවැනි සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.
 
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහදී පැමිණි එකඟතාවයකට අනුව මෙලෙස ජනාධිපතිවරයා සමග සාකච්ඡාකීරීමට තීරණය කර ඇත.
 
විසි වැනි සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේදී එකඟතාවට ඵලකර එය අනුමත කර පසුව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාවේදී එයට විරුද්ධවීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් දැඩි ලෙස විචේචනය කර ඇති අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.
 
එක්සත් ජාතික පෙරමුණ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයකින් සමන්විතය.