ශ්‍රී ලංකාවට වසර 11 කට පසු නවසීලන්තයට එරෙහිව තරගාවලි ජයක්


ශ්‍රී ලංකාව වසර 11 කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජය ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (14) අවසන් වූ තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙම තරගාවලියේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි තරග ශ්‍රී ලංකාව ජය ලැබූ අතර පළමු සහ පස්වැනි තරග වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව අවසන් වරට සනත් ජයසූරියගේ නායකත්වයෙන් 4-1 කින් නවසීලන්තයේදී එක්දින තරගාවලියක් ජය ලබා තිබුණි.