හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
මෙහිදී නිරෝෂන් දික්වැල්ල (102) සහ ධණුෂ්ක ගුණතිලක (116) දක්ෂලෙස පිතිහරඹයේ යෙදෙමින් තම මංගල ශතක රැස්කිරීමට සමත් වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. කුසල් මෙන්ඩිස් (නොදැවී 28) සහ උපුල් තරංග (නොදැවී 44) එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 57 කදී ලකුණු 75 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.




