ශ්‍රී ලංකාව විස්සයි20 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට එයි


ශ්‍රී ලංකාව විස්සයි20 ක‍්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ තරග තුනම ජය ලබා ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 129 ක් සමගින් පෙරමුණට පැමිණීමට සමත්ව සිටියි. ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසුවිය. ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 120 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසුවෙයි. විස්සය20 ශ්‍රේණිගත කිරීම රට                                                      ප‍්‍රසාද ලකුණු 1.    ශ්‍රී ලංකාව                                          129 2.    ඉන්දියාව                                          120 3.    පාකිස්තානය                                    118 4.    එංගලන්තය                                      118 5.    දකුණු අප‍්‍රිකාව                                  117 6.    ඕස්ටේ‍්‍රලියාව                                     111 7.    බටහිර ඉන්දීය කොදෙව්                  111 8.    නවසීලන්තය                                     97 9.    බංග්ලාදේශය                                    85 10. අයර්ලන්තය                                       82 11.  සිම්බාබ්වේ                                         44