ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි


(යොහාන් භාසුර, ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිට)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ.

ඩුබායිහිදී අද රාත්‍රී පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 23 කින් පකිස්ථානය පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔවර 20 කදී 6 ට 170 (ධනංජය ද සිල්වා 28, භානුක රාජපක්ෂ නොදැවී 71,වනිදු හසරංග 36, චාමික කරුණාරත්න නොදැවී 14, හාරිස් රවුෆ් 29/3) පාකිස්තානුකණ්ඩායම ඔවර 20 කදී සියලු දෙනා දැවී 147 (මොහොමඩ් රිස්වාන් 55, ඉෆ්තීකාර් අහමඩ් 32, ප්‍රමෝත් මධුෂාන් 34/4, වනිදු හසරංග 27/3)