ශ්‍රී ලංකාව 2013 දී අන්තර්ජාතික මලල කී‍්‍රඩා තරගාවලි අටකට සූදානම්


ශී‍්‍ර ලංකාව එළඹෙන 2013 වසරේදී අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා අටකට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි. ලොව ප‍්‍රධානතම මලල කී‍්‍රඩා තරගාවලි ගණනාවක්ම එළඹෙන නව වසරේදී යෙදෙන අතර ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය හා ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය ද ඒ අතර කැපී පෙනේ. ආසියානු ප‍්‍රධාන පෙළේ මලල කී‍්‍රඩා තරගමාලා කිහිපයක්ම නව වසරේදී ඉන්දියාවේ නගර කීපයකදීම පැවැත්වෙන අතර එහෙත් සාග් කී‍්‍රඩා උළෙල නවදිල්ලි නුවරදී පැවැත්වෙන  දින වකවානු තවමත් ප‍්‍රකාශයට පත්වී නොමැත. වසර 2013 සැප්තැම්බර් මාසයේදී එය පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ. ආසියානු ග්‍රෝන්පි මලල කී‍්‍රඩා තරගමාලාවේ (2013) අදියර-2 තරගාවලිය කොළඹදී පැවැත්වීමට නියමිතය. ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ මහ සමුළුව චෙන්නායි නුවරදී එළඹෙන ජූලි 2 වැනිදා පැවැත්වීමට යොදා ගෙන තිබේ. ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය රුසියාවේ මොස්කව් නගරයේදීත් ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලිය ඉන්දියාවේ ”චෙන්නායි” නුවරදීත් වසර 2013 දී පැවැත්වේ. මේ අතර මලල කී‍්‍රඩා සංගමය ප‍්‍රකාශයට පත්කර තිබෙන වසර 2013 දෙස් විදෙස් තරග සැලැස්මට අනුව ජාතික මට්ටමේ මලල කී‍්‍රඩා තරගාවලි 12 ක්ද ඇතුළත් වේ. ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරන තේරීම් තරගාවලිය ජූනි 14, 15, 16 යන දිනවල සුගතදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතය. වසර 2013 දී ශ්‍රී ලංකාව සහභාගිවීමට අපේක්ෂිත අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා පෙබරවාරි 24: 14 වැනි ආසියානු මැරතන් ශූරතාවලිය- හොංකොංහි දී මාර්තු 10: ආසියානු ඇවිදීමේ (කිලෝ මීටර් 20) ශූරතාවලිය ජපානයේ ෆොමි නගරයේදී මාර්තු 24: ලෝක රට හරහා දිවීමේ ශූරතාවලිය-පෝලන්තයේදී අපේ‍්‍රල් 30: ආසියානු ග්‍රෝන්ෆී‍්‍ර තරගමාලාව අදියර 1 තායිලන්තයේ බැංකොක් නගරයේදී මැයි 04: ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී තරගමාලාව අදියර  කොළඹදී මැයි 8:ආසියානු ග්‍රෝන් ෆ‍්‍රී තරගමාලාව අදියර 3-ඉන්දියාවේ ”චෙන්නායි” නගරයේ දී ජූලි 4 සිට 7 දක්වා: 20 වැනි ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලි ඉන්දියාවේ චෙන්නායි නගරයේදී ජූලි 10 සිට 14 දක්වා: ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියx යුක්රේනයේදී අගෝස්තු 10 සිට 18 දක්වා: ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියx රුසියාවේ මොස්කව් නගරයේදී සැප්තැම්බර් (දින යොදාගෙන නැත): සාග් කී‍්‍රඩා උළෙල ඉන්දියාවේ ”නවදිල්ලි” නගරයේදී