ශ්‍රී ලංකා පිල ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි
ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 14 ක ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග‍්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියේය.
නවසීලන්තය ඕවර 50 යේදී කඩුලූ 6 ට 250 (රොබ් නිකොල් 46, බ‍්‍රැඞ්ලි වොට්ලිං 55, රෝස් ටේලර් 72, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් නොදැවී 35, ලසිත් මාලිංග 39/2)
ශ්‍රී ලංකාව ඕවර 22.5 කදී කඩුලූ 3 ට 118 (තිලකරත්න ඩිල්ෂාන් 37, කුමාර් සංගක්කාර 11, මහේල ජයවර්ධන නොදැවී 43)

