ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගැන තවම සොයයි


(ඉන්දිකා රාමනායක)

ඇමැරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ එහි සැඟව සිටින බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා පිළිබද මෙතෙක් කිසිදු තොරතුරු හෙළි වී නොමැති බව හමුදාව කියයි.

බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014  දෙසැම්බර්  ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි.  

2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී ඇතත් නැවතත් ඔහු තවත් මාස 6 සේවා කාලයක් ලබාගෙන තිබු අතර  එම කාලය ද  පසුගිය ජුනි මාසයෙන්  අවසන් වුවද ඔහු  මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැත.

බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු  හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර  ඇති බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඞ්යර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය.