ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජය ගනිති


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සුරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැති සිවුවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව කඩුලූ 7 ක ජයක් ලැබීය. ඒ අනුව තරගයක් ඉතිරිව තිබියදීම තරග 3/0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගයට වරින් වර වර්ෂාවෙන් බාධා වු බැවින් තරගයේ ඉනිමක්  ඕවර 32 කට සීමා විය. ජීවන් මෙන්ඩිස් තරගයේ වීරයා විය. නවසීලන්තය  ඕවර 32 කදී කඩුලූ 8 ට 131 (බ්‍රෙන්ඩම් මැකලම් 30, ජීවන් මෙන්ඩිස් 15/3, නුවන් කුලසේකර 17/2) ශ්‍රී ලංකාව  ඕවර 26.2 කදී කඩුලූ 3 ට 131 (උපුල් තරංග 27, දිනේෂ් චන්දිමාල් 43, කුමාර් සංගක්කාර නොදැවී 42)