නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති නේපාල ආරාධිත ජාත්‍යන්තර වොල්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
අවසන් මහා තරගයේදී මාලදිවයින වට 3-0කින් පරාජය කරමින් හී‍්‍ර ලංකාව ශූරතාාව දිනා ගැනීමට සමත් විය. තරගාවලියට සහභාගිවූ සෙසු රටවල් වූයේ ඇෆ්ගනිස්ථානය හා සත්කාරක නේපාලයයි.
මෙම තරගාවලියේ ජයග‍්‍රහකයන්ට ඇමරිකානු ඩොලර් 5000ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.