ශ්‍රී ලංකා එක්දින සංචිතයට නවක ක‍්‍රීඩක තරිඳු කැඳවයි
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව නොවැම්බර් මස 1 වැනිදා පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, ශාමින්ද එරංග, උපුල් තරංග, රංගන හේරත්, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල්

