ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගය අතහැර දමයි


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (01 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැරදැමීය. දෙවැනි එක්දින තරගය මේ මස 4 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.