බලපිටියේ වයස්ගතම පුද්ගලයා අද මියගියේය. අවුරුදු 101ට ලබා මාස දෙක හමාරක් ජිවත් වූ අර්ස මරක්කල ඒ සනන්ද ද සිල්වා මහතා කිසි දිනෙක මස් මාළු කෑවේ නැත. ගෙදරට මස් මාළු ගෙන ඒමට ඉඩ දුන්නේ ද නැත. පස් දරු පියකු වූ ඔහු ට මුණුපුරු මිනිපිරියන් 11 දෙනෙක් වෙති. විශ‍්‍රාමික රියැදුරකු වූ ඔහු හිටපු අධ්‍යාපන ඇමැති අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල හා නියෝජ්‍ය අධ්‍යාපන ඇමැතිවරයකු වූ බී.වයි. තුඩාවේ මහත්වරුන්ගේ රියැදුරු විය.