(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
වැඩ වර්ජනය සිදුකරන ආකාරය පිළිබඳව ඉදිරි පැය 24 දී තීන්දු කරන බවද වර්ජනයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලබාගන්නා බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවා රෝගී අයිතිවාසිකම් සුරැකීමට ජනතාව දැනුම්වත් කරන බවද අලුත්ගේ මහතා පවසා සිටියේය.

