(රංජන් කස්තුරි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද(25) පස්වරු 4ට අවසන් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා සමග පැවැති සාකච්ඡා සාර්ථක වීම නිසා තම වර්ජනය අත්හිටුවන බව ඔහු කීවේය.
ඒ අනුව පසුගිය දා ඇතිවූ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් සති 2ක් ඇතුළත ඉදිරිපත් කිරීමටත්, එම සිද්ධිය ගැන පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීම හා කනගාටුව ප්‍රකාශ කිරීමටත්, දැනට අත්අඩංගුවේ පසුවන සිසුන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර කඩිනමින් ඉටුකොට සාධාරණය ඉටුකිරීමටත්, සාමකාමී උද්ඝෝෂණ හා විරෝධතාවයන්ට බාධා හා හිරිහැර ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටත් එම සාකච්ඡාවේ දී එකඟත්වය පළවී ඇතැයි කියති.

