ඉන්දිකා රාමනායක
ඉල්ලීම් වලට විසදුම් ලබා නොදෙන්නේනම් ඉදිරියේ දී සිසුන් ආයුධ වුවද අතට ගැනීමට හැකියාව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.
වෛද්‍යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය සිදු කළ බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙස පුද්ගලයකු පොලිස් මුලස්ථානය වෙත කළ පැමිණිල්ල පොලිස්පතිවරයා විසින් මෙලෙස යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගෙන ඒ අනුව පරීක්ෂණ සිදුකරන ලෙසට ද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

