වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු


(නිමන්ති රණසිංහ)

නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වරෙන්තු නිකුත් කර ඇත.