තරිඳු ජයවර්ධන සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි
වේයන්ගොඩ ගුවන් පාලම මතදී මීට ටික වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි.
කාර් රියකින් පැමිණි පිරිසක් වෑන් රියකට වෙඩි තබා ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
මේ වන විට එම ස්ථානයට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ පැමිණ සිටිති. වේයන්ගොඩ ගුවන්පාලම තාවකාලිකව වසා දමනු ලැබීය.
සැකකරුවකු අල්ලා ගැනීම සඳහා පොලිසිය වෙඩි තබා ඇති බවත්, වෙඩි වැදී ඇත්තේ මව සමඟ පාරේ ගමන් කළ පුතකුට බවත් ස්ථිර නොවූ ආරංචි මාර්ග සඳහන් කරයි.

