(ඉන්දිකා රාමනායක)
මත් ලෝලීන් මත්පෙති සඳහා භාවිතා කරන වේදනානාශක පෙති 1000 ක් සමඟ පුද්ගලයකු රාගම බටුවත්තේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත බටහිර නාවික විධානයේ නාවික හමුදා භට කණ්ඩායමක් හා පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එක්ව සිදුකළ වැටලීමේ දී මෙම සැකකරු සහ පෙති තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මෙම පෙති තොගය ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇත.

