(රොෂාන් ගුණරත්න)
ඉන්දිය පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන්නකු සහ පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කළ චමින්ද වාස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21 වැනිදා) තීරණය කර තිබේ.
වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක මහතා තම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත ලබාදිම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. පුහුණුකරු තනතුරෙන් ඉවත්වූ චම්පක රාමනායක මහතා බංග්ලාදේශයේ පුහුණුකරු තනතුරක් බාරගැනීමට නියමිතව ඇත.
වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න

