වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23 දා සිට


වෙළඳ සේවා රග්බි පාපන්දු සංගමය 42 වැනි වරටත් සංවිධානය කරනු ලබන සත් සාමාජික වෙළඳ සේවා රග්බි තරගාවලිය නොවැම්බර් මස 23, 24 හා 25 යන දිනයන්හිදි ලොන්ඩන් පෙදෙසේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිටියේදී පැවැත්වේ. කණ්ඩායම් 44ක් සහභාගි වීමට නියමිත මෙම තරගාවලිය ඩයලොග් ආසිආටා සමාගම අනුග‍්‍රහයෙන් පැවැත්වේ. මෙම වසරේදී කුසලාන, බඳුන සහ පළිහ ලෙස තරගාවලිය අදියර තුනකින් පැවැත්වේ.  2011 වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 42ක් සහභාගී වූ අතර නැෂනල් ලංකා පිල පරදා මාස් හෝල්ඩින්ස් සමාගම කුසලාන ශූරතාව දිනා ගත්තේය. කොමර්ෂල් බැංකු පිල පරදවා ජෝන් කීල්ස් කණ්ඩායම පළ`ග ශූරතාව දිනා ගත් අතර එන්ට‍්‍රස්ට් පිල විසින් බඳුන ශූරතාවත්, හේමාස් පිල විසින් පළිහ ශූරතාවත් දිනා ගන්නා ලදි.