වෙහෙරගල විද්‍යාලයේ පරිගණක සොරු අරන් යති


(නවරත්න සමරතුංග)

අම්පාර අධ්‍යාපන කලාපයේ වෙහෙරගල ප්‍රාථමික විද්‍යාලයේ තිබු පරිගණක යන්ත්‍ර තුනක් අද (12) අලුයම් කාලයේ දී සොරා ගෙන ගිය සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව දමන පොලීසිය කියයි.  

විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ දිනවල දමන කොට්ඨාසයේ විභාග රාජකාරි ආවරණය කිරීමට අනුයුක්ත කර ඇති අතර එම විදුහලේ වැඩබලන විදුහල්පතිනියක් රාජකාරි සිදුකර තිබේ.

විදුහල්පතිවරයාගේ නිල කාර්යාලයේ ප්‍රධාන දොර කඩා මෙම පරිගණක යන්ත්‍ර සොරකම සිදුකර ඇත.