වෙසක් නිවාඩුව සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගිය 29 වැනි දා අනුමත කළේය.
1999 දී හිටපු විදේශ ඇමැති කදිරගාමර් මහතා එම දිනය ජගත් නිවාඩු දිනයක් කර ගැනීමේ යෝජනාව මහා මණ්ඩලයට ඉදිරිපත් කළේය.
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන මහතා මෙම නිවාඩු දිනය අනුමත කරවා ගැනීමට වෙහෙසුනේය.
නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සහාය කොහොන මහතාටත් කදිරගාමර් මහතාටත් නොඅඩුව ලැබිණි.
මහා මණ්ඩලයේ කතෝලිකයන්ට ආගමික නිවාඩු දින දෙකක් ද, මුස්ලිම්වරුන්ට දින දෙකක් ද අනුමතවී ඇත්තේය.

