වෙල්ගම් වෙහෙර යට ගියාව මතු කරයි


දෙවනපෑතිස් රජුගේ සෙනෙවි අභය විසින් ඉදිකෙරුණු බවට සැලකෙන ස්ථූපයක කැණීම් අරඹා ඇත. වෙල්ගම්වෙහෙරට අයත් බව කියන මෙම ස්ථූපය ත්‍රිකුණාමලය කන්නියාවේ උණු වතුර ළිං වලට ඉහළ කඳු වැටියේ පිහිටා තිබේ. එම චෛත්‍යය හතරැස් වේදිකාවක් මත ඉදිකැර ඇති බව කැණීම් වලින්  තොරතුරු ලැබී ඇත. සිරිපතුල් හතරක් ද සොයාගෙන තිබේ. මෙම සෑය වෙල්ගම්වෙහෙර මහා සෑයේ පරිවාර සෑයක් විය හැකි බව පුරාවිද්‍යා නිලධාරීහු කියති.