මෙයට මාස තුනකට ප්‍රථම ආරම්භ කළ වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතු සුබසාදක සංගමය මගින් මෙ වන විට සමාජ සත්කාර රැසක් ඉටුකර ඇතැයි එම සංගමයේ නිළධාරිහු පවසති.
රැකියා නොමැති ශ්‍රි ලාංකිකයින් 15දෙනෙකුට රැකියා සොයා දී ඇති බවත් ශ්‍රි ලංකාවට යෑමට නොහැකිව අසරණව සිටි තවත් දෙදෙනෙකුට ගුවන් ටිකට් පත් ලබා දෙමින් තම සංගමය පිහිට වු බවත් රැකියා කොන්ත්‍රාත්තුවක් නොමැතිව රෑදි සිටිමේ බලපත්‍රය අලුත් කර ගැනිමට නොහැකිව සිටි විශාල පිරිසකටද පිහිටවී ඇති බවත් එම සංගමයේ සභාපති එමිල් ප්‍රනාන්දු මහතා පවසයි.
වසර ගණනාවක පටන් තමන් තනිවම ශ්‍රි ලාංකිකයින් රැසකට පිහිටවුනත් වෙරෝනා ශ්‍රි ලාංකික එකමුතුවෙ ලේකම් වශයෙන් මෙ වනවිට තමන්ට අන් අයගේ ශක්තියත් උපයොගි කොට එම සමාජ සත්කාරය තව දුරටත් ව්‍යාප්ත කරිමට හැකි වු බව සංගමයේ ලෙකම් ස්ටෑන්ලි පෙරෙරා මහතා කියා සිටි. ටෙනිසන් මහභදුගේ සංජිව දොඩන්තැන්න ප්‍රධාන සංවිධායක වරයා භාණ්ඩාගාරික වරයාය.
ආර්ථික කඩා වැටීම හමුවේ රැකියා නොමැතිව අසරණව සිටින ශ්‍රි ලාංකිකයින්ට පිහිට වන එම සංගමයට තමන් සුභ පතන බවත් ඉතාලිය පුරා ඈති මෙවෑනි සංගම් ( ක්‍රිඩා සමිති , සුභසාදක සංගම් , ආගමික සමිති , දේශපාලන සාඛා සමිති ) පිලිබද තොරතුරු 06 84241670 දරණ ෆෑක්ස් අංකයට යොමු කරනා ලෙසත් ඒ මගින් මේ එකමුතුවට මෙයටත් වඩා හොඳ කාර්යභාරයක් ඉතාලි ශ්‍රි ලාංකික සමාජය වෙනුවෙන් ඉටු කර හැකි බවත් රෝමයේ උප තානාපති රාණි බුලත්වෙල මහත්මිය එසෑණට කීවාය.