වෙරළාරක්ෂකයෝ ජීවීත 10 ක් බේරති


මුහුදේ දිය නෑමට  ගොස්  දියේ ගිළී  ගිය දහදෙනකුගේ ජීවීත  ගත වු  17-18 යන දෙදිනෙහිදී බේරා ගත් බව  වෙරළාරක්ෂක  දෙපාර්තමේන්තුව කියයි.

පොල් හේන , ගල්කිස්ස,ගාලුමුව දොර,කිරින්ද හා ගෝපාලපුරම් යන ප්‍රදේශයන්වලදී මෙම පිරිසගේ ජීවීත බේරාගෙන ඇත.

මෙම වෙරළ ආරක්ෂිත රාජකාරියේ නිරත වෙමින් සිටි වෙරළ ආරක්ෂක භටයින් මොවුන් බේරාගෙන ඇත.