වෙනත් පාර්ශව කතාව ෆොන්සේකා ඉවත දමයි


වැලිවේරියේදි හමුදා වෙඩි පහරින් මියගිය හා තුවාල ලැබු සිද්ධිය ගැන යුද හමුදාපති  ඇතුළු තිදෙනකු වගකිව යතු යැයි  හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කියයි.

‘මේක පොලිසිය මගින් පාලනය කරන්න තිබුණු උද්ඝෝෂණයක්. පොලු ගෙන හමුදාව ආවේ මිනිස්සුන්ට පහර දෙන්නමයි. මම හමුදාපති කාලේ මේවගේ දේවලට හමුදාව යෙදෙව්වේ නැහැ. හමුදාවේ ගෞරවය විනාශ වුණා. වගකීම ගන්න ඕනෑ අර තුන්දෙනාම තමයි. මම දැක්කා කවුද පිස්සෙක් කියනවා මියගිය අයගේ අවමඟුල් උත්සව වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා කියලා. මිනිස්සු මරා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෝකයේ එකම රට ලංකාවයි.

 ප්‍රශ්නය -  හමුදා මාධ්‍ය ප්‍රකාශක කියන්නේ මේක වෙනත් පාර්ශවයක් විසින් සිදු කැරුණු වෙඩි තැබිමක් බවයි.  

පිලිතුර -  මොන බොරුද?  එහෙනම් හමුදාවට තිබුණේ ඒ බවේගය මර්දනය කරන්න. අහිංසක මිනිස්සුන්ට වෙඩි තියන එක නෙමෙයි. හමුදාවේ වගකීම. මේ මිනිස්සු මෙවා කියන්නේ කලිසම් ඇදගෙනද? රටේ ජනතාව ගොන්නු කියලා හිතාගෙන  ඉන්නේ?

 ප්‍රශ්නය -  ඔබත් හිටපු තද නීතී ඇතිව හිටි හමුදාපතිවරයෙක්. දැන් දේශපාලනයට ඇවිත්. එහෙත් ජනතාවගේ බියක් තියෙනවා ඔබ බලයට ආවොත් මෙයටත් වඩා බිහිසුණු දෙ අපේ රටේ සිදුවෙයි කියලා.

පිළිතුර  - මම හමුදාපති කාලේ පැය දෙකෙන් විශාල වෙනසක් කරන්න තිබුණා. ඒ ශක්තිය මට තිබුණා. එදා එදේ නොකරපු මම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් නොහොබිනා දේ කරයි කියලා ඔබ හිතනවද? සියලු සැප සම්පත් එක්ක හමුදා නිලධාරියකු විදියට මට තවත් ඉන්න තිබුණා. ඒ හැම දේම අත හැර දේශපාලනයට ආවේ මේ ජරා වළෙන් රට ගොඩගන්නයි.