වෙද හාමුදුරුවන්ට උසාවියෙන් බේහෙත්


2005 දී ජනිතා බණ්ඩාර නම් තරුණියක කෙළසී යැයි වරදකරු වූ වෙද හාමුදුරුවන් නමින් ප්‍රකට රුවන්වැල්ලෙ සෝභිත හෙවත් සුනිල් ශාන්තට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය බරපතල වැඩ සහිත විසි අවුරුදු සිරදඬුවමක් නියම කළාය.එම අපරාධයට ආධාර හා අනුබල දුන් ඇගේ නැන්දා වන එච්.බී. අනෝමාට ද මාමා වන අයි.ජී. හේමචන්ද්‍රට ද විසි අවරුදු සිර දඬුවම් නියම විය. එම තරුණියට රුපියල් දෙල්කෂයක වන්දියක් ද රුපියල් විසි දහසක දඩයක් ද සෝභිතට නියම විය. වන්දිය සහ දඩය නොගෙවතොත් සිරදඬුව වසර තුන හමාරකින් වැඩිවේ. සෝභිත සිවුරේ සිටිය දී මේ අපරාධය කර ඇත්තේ බුලත්කොහුපිටියේ ඔහුට අයත් තේ වත්තේ බංගලාවේදීය. සෝභිත සිවුරේ සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කැර පසුව සිවුරු හළ අයෙකි. නැන්දා මාමාට ද විසි දහසක දඩයක් නියම විය.